Thursday, August 23, 2012

what is the method of data recovery and free download data recovery software


දන්නවද අපි data recovery කළාම delete කරපු data නැවත recovery වෙන්නෙ කොහොමද කියල

මොකක්ද Data recovery කියන්නෙ-
Data recovery කියන්නෙ අපිට ගොඩාක් වෙලාවට වැදගත් වෙන දෙයක්. අපේ අතිනි වෙරදිලා අපිට වෙදගත්  file එකක් හරි folder එකක් හරි delete වුනොත්, ඒක අපිට ලොකු පාඩුවක් නේද? එහෙනම් අපි delete වුන file
එකක් හරි folder එකක් හරි නැවත ගන්න manual data recovery හරි data recovery software එකක් හරි යොදා ගන්නවා

කොහොමද  Data recovery වෙන්නෙ-
අපි Data recovery කරනව කියල කරන්නෙ hard disk  එකක pen එකක හෝ memory chip වැනි උපකරනයක අපට නොපෙනෙන ලෙස(අදෘශ්යමාන ලෙස)  ඇති දත්ත නෙවත ලබා ගැනීම පමනයි. hard disk එකේ හරි pen එකක හරි සම්පූර්නයෙන් ඉවත්ව්වී ඇති දත්ත මොන data recovery software එකක් යොදා ගත්තද නැවත ලබා ගැනීමේ හැකියාවක් නැත. මෙයින් පෙනී යන්නේ hard disk එකේ හරි pen එකක හරි අපි delete කරපු දත්ත ඒවා තුලින් සම්පූර්නයෙන් ඉවත්ව ගොස් නැති බවයි. නමුත් data format කිරීමකදී එම දත්ත නැවත recovery කල නොහැකි ලෙස සම්පූර්නයෙන් ඉවත්වී යෑමක් සිදුවේ

ඇත්තටම අපි data delete කලාම මොකක්ද වෙන්නෙ-
අපි hard drive එකෙන් data delete කලාට එම data නැවත ලබා ගත නොහැකි ලෙස සදා ඉවත් වී යන්නේ නැහැ.එනම් file හෝ folder එක hard drive එකෙහි ස්ථානගතවී ඇති ස්ථානය පිළිබදව හා ආශ්රිතව ඇති ඉතා කුඩා මතකයක්(tiny bit of information) ඉවත්වී යෑමක් පමනක් සිදුවේ. Operating system එකකින් hard drive එකෙහි ඇති දත්ත තැන්පත්කර ඇත්තේද දත්ත කියවීම සිදු කරන්නේද tree data structure එකට අනුවය. එම දත්ත delete කල පසු tree data structure එකෙහි ඇති සම්බන්දය මිදී එම දත්ත නොපෙනී යෑම සිදුවේඑමනිසා අපට එලෙස delete කල දත්ත recovery කිරීමක් තුලින් නැවත ලබාගැනීමේ හැකියාවක් පවතී.  

මොකද සමහර  delete කරපු Data recovery කරන්න බැරි
මෙය hard drive එක තුල data overwrite වීමක් නිසාවෙන් බොහෝවිට සිදුවිය හැක. එනම් අප පසුව එක්කල දත්ත සමුහයක් අපට අවශ් දත්තය hard drive එක තුල තිබූ ස්තානය මතින් තැනිපත් වීමකි. සමහර data recovery software වල recovery කල හැකි දත්ත ඉදිරියෙන් "Bad,Normal,Good" ලෙස වර්ග කර තිබීමටත් මෙය එක් හේතුවක් වේ. මෙලෙස overwrite වීමක් සිදුවූ දත්ත සම්පූර්නයෙන් හෝ කොටසක් පමනක් ඉවත්වීමක් තුලින් data recovery කිරීමට නොහැකි වීමට පුලුවන.   

මෙන්න ඔබට Data recovery software කිහිපයක්  කෙලින්ම download කර ගන්න-

මෙන්න File Recovery Software Full Version එක -කෙලින්ම download කරගන්න
මෙන්න Easeus Data Recovery Wizard Free Edition එක -කෙලින්ම download කිරීමට 
මෙන්න Recover My Files Data Recovery Software එක -කෙලින්ම download කිරීමට

මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow එකක් දාල යන්න අමතක කරන්න එපා.......... 

ස්තුතියි!!!!!!!!!! 
w.w Arunoda Isuruwan
www.newcomtechnic.blogspot.com

No comments:

Post a Comment

Animated Social Gadget - Blogger And Wordpress Tips